සයිටම් ශීෂ්‍යාවට ලියාපදිංචිය ලබාදීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කරයි

Share Button

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට අනුව සයිටම් වෛද්‍ය විද්‍යාලයේ ශීෂ්‍යාවට ලියාපදිංචිය ලබාදීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව තීරණය කරයි.

පසුගිය සතියේ රැස්වු ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මෙම තීරණයට එළඹි බව එහි වැඩබලන සභාපති කැලණීය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ පීඨාධිපති මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය සදහන් කරයි.

එම ශීෂ්‍යාව වෛද්‍ය සභාවට පැමිණි අව්සථාවේදී ලියාපදිංචිය සදහා අයදුම් කරන ලෙස දැණුම් දුන්නත් මේ දක්වා අයදුම්පතක් ඉදිරිපත් කර නැතැයි මහාචාර්ය නිලන්ති ද සිල්වා මහත්මිය පැවසුවාය.

එම සිසුවියට වෛද්‍ය සභාවේ ලියාපදිංචිවීම සදහා අයදුම් කරන ලෙස අද ලිඛිතව දැනුම් දීමට පියවර ගන්නා බව ඇය ජාතික ගුවන් විදුලියට කීවාය.

මේ යටතේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිය ලබා පිටව සිටින අනෙකුත් සිසුන්ටද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලබාගැනීමට අවස්ථාව සැලසේ.

ඔවුන් අයදුම් කරන්නේ නම් ලියාපදිංචිය ලබාදීමට වෛද්‍ය සභාව සුදානම් බව නිලන්ති ද සිල්වා මහත්මිය පැවසුවාය.

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදී ඇත්තේ එම සිසුවියගේ නමින් පමණක් නිසා ඇයට ඒ බව ලිඛිතව දැනුම් දුන්නත් අනෙකුත් සිසුන්ට ඒ පිළිබඳව දැනුම්දීමක් සිදු නොකරන බව මහාචාර්යවරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *