ඉන්දුනිසියාවේ විපතටපත් ජනතාවට ජනාධිපතිතුමා ශෝකය පල කරයි

Share Button

දරුණු භුමිකම්පාවකින් හා මුහුද ගොඩගැලීමකින් විපතටපත් ඉන්දුනිසියානු ජනතාවටත්. එරට රජයටත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුම ාසිය කනගාටුව පළකරයි. ඉන්දුනිසියානු ජනාධිපති ජොකෝ විඩොඩෝ මහතා වෙත ශෝක පණිවිඩයක් යවමින් එතුමා ඒ බව සදහන්කර තිබේ.

විපතටපත් සියලුදෙනා වෙත ශ්‍රී ලංකා රජයේත් ජනතාවගේත් දැඩි සංවේගය පළකරන බව එම නිවේදනයේ සදහන් වෙයි. මෙම අසිරු අවස්ථාවේ ඉන්දුනිසියාව සමග ශ්‍රී ලංකාව අත්වැල් බැඳගෙන සිටින බව පවසන ජනාධිපතිතුමා එම ස්වභාවික විපතෙන් යලි නැගි සිටිමට ඉන්දුනිසියානු ජනාධිපතිවරයාටත් රජයටත් ජනතාවටත් ආශිර්වාද පළකරයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *