සුන්බුන් අතර තිබි සිසුන් 34 දෙනෙකුගේ සිරුරු හමුවෙයි

Share Button

ඉන්දුනිසියාවේ පලු නගරයේ භූමි කම්පාවෙන් කඩා වැටුණු පල්ලියක සුන්බුන් අතර තිබි සිසුන් 34 දෙනෙකුගේ සිරුරු හමුවෙයි.

ඔවුන් එහි පුහුණු වැඩමුඵවකට සහභාගි වී සිටි අය බව හෙලි වී තිබෙ.් .

එහි සිටි තවත් සිසුන් 52 දෙනෙකු පිළ්ිබඳව කිසිදු තොරතුරක් නැත .

නායයාමක් හේතුවෙන් පල්ලිය කඩා වැටි තිබෙ.්

පසුගිය සිකුරාදා හටගත් භූමි කම්පාවෙන් මේ දක්වා වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 844 කි.

එම සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි විශ්වාස කෙරේ.

සුන්බුන් ඉවත් කිරිමට පවතින බාධා හා නිරතුරු සිදුවන පසු කම්පන හේතුවෙන් සහන කටයුතු වලටද බාධා පැමිණ තිබේ.

ෆ්ලෝස් දුපත ආසන්නයේ අද පෙරවරුවේ තවත් භුමි කම්පාවක් සිදු වී තිබෙ.් එය රිච්ටර් මාපාංක හයයි දශම දෙකක් ලෙස සටහන් වී තිබිණි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *