ඉතිහාසයේ වැඩිම රාජ්‍ය ණය ගෙවීම ලබන වසරේ

Share Button

ලබන වසරේ සමස්ථ රාජ්‍ය වියදම රුපියල් බිලියන 4376 ක් බව මුදල් අමාත්‍යාංශය පවසයි. එම වසරේ අයවැය පරතරය රුපියල් බිලියන 644 කි. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 4 යි දශම 1 ක් බව නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙයි.

දළ දේශිය නිෂ්පාදිතයට අනුව රාජ්‍ය ආදායම ලබන වසරේදි සියයට 15 යි දශම 1 ක් දක්වා වැඩිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. ලබන වසර සඳහා ණය සේවාකරණය වෙනුවෙන් රුපියල් බිලියන 2057 ක් වෙන්කර තිබේ. එය මෙරට ඉතිහාසයේ රජයකට දැරීමට සිදුව ඇති විශාලතම ණය මුදලයි.

මෙම ණය අතරින් රුපියල් බිලියන 1271 ක් දේශීය ණය වශයෙන් ගෙවිය යුතු වේ. විදේශීය ණය සේවාකරණය ලෙස රුපියල් බිලියන 786 ක් ගෙවිමට ඇත. රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීමට වැය වන මුදල රුපියල් බිලියන දහසක් පමණ වේ. සමෘද්ධි. පාසල් නිල ඇඳුම්. නොමිලේ ඖෂධ. වැඩිහිටි දීමනා. පොහොර සහනාධාරය.

ආදී සුබසාධක කටයුතු සඳහා ලබන වසරට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 220 කි. 2019 විසර්ජන පනත් කෙටුම්පත මේ මස 9 වෙනි දින අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි. අයවැය යෝජනාව නොවැම්බර් 05 වැනිදා ඉදිරිපත් කරනු ලැබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *