පසුගිය වසර කිහිපයේදී දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා වඩාත් ශක්තිමත්

Share Button

පසුගිය වසර කිහිපය තුළ මෙරට දේශපාලන සහ රාජතාන්ත්‍රික සබඳතා වඩාත් ශක්තිමත් කරගැනීමට හැකිවු බව සංවර්ධන උපායමාර්ගික හා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා සදහන් කළේය.

පසුගියදා ජර්මනියේ පැවැති වෙළෙඳ හා ආයෝජන ප්‍රවර්ධන වැඩසටහනකදී එරට ආර්ථික කටයුතු හා බලශක්ති අමාත්‍යංශයේ රාජ්‍ය ලේකම් ආචාර්ය උල්රිච් නස්බවුම් මහතා හමුවු අවස්ථාවේදී සමරවික්‍රම මහතා මේ බව පැවසීය.

 

වෙළෙඳ ප්‍රජාවට නව හවුල් ව්‍යාපාර ආරම්භ කිරීමට සුදුසුම කාලය මෙය වන බවත් පැවසු ඇමතිවරයා ශ්‍රී ලංකාව ජර්මානු සමාගම් ආකර්ශනය කර ගැනීම සදහා විශේෂ උනන්දුවකින් කටයුතු කරන බවත් ප්‍රකාශ කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *