තෙල් මිල වැඩිවීම ලෝකයටම පොදුයි

Share Button

තෙල් මිල වැඩිවීම ලංකාවට පමණක් නොව ලෝකයට ම පොදු කරුණක් බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පෙන්වා දෙයි.

මේ වන විට විදේශ සංචිතය බිලියන නවයක්ව පවතින අතර  ආර්ථික දර්ශක හොඳ තත්වයකට පත් වී තිබෙන බවත් පසුගිය කාලයට වඩා තවමත් ඉන්ධන මිල සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ රැසක මිල අඩු බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පහුගිය දවස්වල ගත් ක්‍රියාමාර්ග වලට අනුව 2014 වර්ෂයේ රාජ්‍ය ආදායමේ ,11.5% ක්වූ  දළ දේශිය නිෂ්පාදනය වර්තමානය වන විට වැඩි වී ඇති බව සහ 2019  වර්ෂයේ දී  එය 15% දක්වා වැඩි කර ගැනිම රජයේ අපේක්ෂාව බව අමාත්‍යවරයා අවධාරණය කරයි.

සමෘද්ධිය ,පාසල් නිළ ඇඳුම්, වැඩිහිටි දීමනා,පොහොර සහනාධාර,පෝෂණ  මල්ල,වකුගඩු රෝගීන් සඳහා දිමනා හා ජනතා සුබ සාධන කටයුතු වෙනුවෙන් රජය බිලියන 220 ක් වෙන් කර ඇත.

ග්‍රාම ශක්ති,ගම්පෙරළිය,එක ගමට එක වැඩක්,වැනි ව්‍යාපෘති වලට  බිලියන 63 ක් ,අධිවේගි මාර්ග වලට බිලියන 175 ක්, උමාඔය,මොරගහකන්ද, වැනි වාරියෝජනා  ක්‍රම වලට බිලියන 75 ක්,නිවාස ව්‍යාපෘතිවලට බිලියන 05 ක් ද වෙන් කර තිබෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඊයේ (03) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *