ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා නැවතත් උතුරු කොරියාවේ සංචාරයක

Share Button

ඇමරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා නැවතත් උතුරු කොරියාවේ සංචාරයක නිරත වීමට නියමිතයි.

ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පැවසුවේ එම සංචාරය එළැඹෙන සති අන්තයේ සිදු වනු ඇති බවයි.

උතුරු කොරියාවේ න්‍යෂ්ටික අවිහරණය පිළිබඳ ඉදිරි කටයුතු සාකච්ඡා කිරීම සංචාරයේ අරමුණයි.

මෙම සංචාරයෙන් පසුව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ජපානය . දකුණු කොරියාව හා චීනය යන රටවල ද සංචාරය කිරීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *