ගුරු ප්‍රතිභා ප්‍රණාම උළෙල හෙට

Share Button

ගුරු ප්‍රතිභා ප්‍රභා ගුරු හා විදුහල්පති ඇගයීම් උලෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී හෙට පැවැත්වේ. ජාතියක අනාගත ආයෝජනය ගුරුවරුන්ය යන්න එහි තේමාවයි. ඇමති අකිල විරාජ් කාරියවසම් හා රාජ්‍ය ඇමති ආචාර්ය ටී. රාධක්‍රිෂ්ණන් යන මහත්වරු ප්‍රධාන ආරාධිතයෝ ලෙස ඊට එක් වෙති. විදුහල්ප

තිවරුන් 107 දෙනෙකු හා ගුරුවරුන් 255 දෙනෙකු මෙවර ප්‍රණාමලාභීන් ලෙස ඇගයීමට ලක්විමට නියමිතයි. ඊට අමතරව පරිවේනාධිපති ස්වාමින් වහන්සේ හයනමක් හා පරිවේනාචාර්යවරුන් 12 දෙනෙකු ද ඇගයීමට ලක්කිරීමට විධිවිධාන යොදා තිබෙ.් අධ්‍යාපන අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛ හා උපදෙස් අනුව ඇගයීම සදහා විදුහල්පතිවරුන් හා ගුරුවරුන් තෝරාගෙන තිබේ.

ගුරුවරුන් හා විදුහල්පතිවරුන් කැපවීමෙන් හා දිරියෙන් සිදු කරන සේවයට උපහාර දැක්වීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය සෑම වසරකම ජාත්‍යන්තර ගුරු දිනය නිමිත්තෙන් මෙම ඇගයීම් උලෙල සංවිධාන කරයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *