ගුරු ප්‍රතිභා ප්‍රභා ගුරු හා විදුහල්පති ඇගයීම් උලෙලක්

Share Button

යුනෙස්කෝ සංවිධානයට අනුව ජාත්‍යන්තර ගුරු දිනය අදට යෙදී තිබේ. බොහෝ රටවල් ගුරු දිනය ඒ ඒ රටවලට විශේෂිත දිනවල සමරනු ලබයි. ඒ අනුව ශි්‍රී ලංකාව නිල වශයෙන් ජාත්‍යන්තර ගුරු දිනය සමරන්නේ ඔක්තෝබර් මස 6 වැනිදාය.

මේ අතර ජාත්‍යන්තර ගුරු දිනය නිමිත්තෙන් අධ්‍යාපන අමාත්‍යංශය සංවිධාන කරන ගුරු ප්‍රතිභා ප්‍රභා ගුරු හා විදුහල්පති ඇගයීම් උලෙල කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද පැවැත්වේ. ජාතියක අනාගත ආයෝජනය ගුරුවරුන්ය යන්න එහි තේමාවයි.

ඇමති අකිල විරාජ් කාරියවසම් හා රාජ්‍ය ඇමති ආචාර්ය විී. රාධක්‍රිෂ්ණන් යන මහත්වරු ප්‍රධාන ආරාධිතයෝ ලෙස ඊට එක් වෙති. විදුහල්පතිවරු 107 දෙනෙක් හා ගුරුවරු 255 දෙනෙක් මෙවර ප්‍රණාමලාභීන් ලෙස ඇගයීමට ලක් කෙරෙති.

ඊට අමතරව පරිවේනාධිපති ස්වාමින් වහන්සේ හයනමක් හා පරිවේනාචාර්යවරුන් 12 දෙනෙකු ද ඇගයීමට ලක්කිරීමට විධිවිධාන යොදා තිබෙ.් ගුරුවරුන් හා විදුහල්පතිවරුන් කැපවීමෙන් හා දිරියෙන් සිදු කරන සේවයට උපහාර දැක්වීම සඳහා මෙම ඇගයීම් උලෙල සංවිධාන කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *