පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද පෙරවරුවේ

Share Button

පහවසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල අද පෙරවරුවේ නිකුත් කෙරේ.

කොළඹ පාසල්වලට අද මධ්‍යහ්න 12.00 න් පසුව විභාග දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රතිඵල ලේඛණ ලබාගත හැකි බව විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පුජිත මහතා කියයි. සෙසු පාසල් වලට ප්‍රතිඵල ලේඛණ අද දහවල් තැපැලට යොමු කෙරේ

. ප්‍රතිඵල අඅඅගාදැබැඑිගකන යන වෙබ්අඩවිය වෙත පිවිසීමෙන් ද ලබාගත හැකිය. මෙවර ශිෂ්‍යත්ව විභාගයට අපේක්ෂකයෝ තුන්ලක්ෂ 55 දහස් 326 දෙනෙක් පෙනි සිටියහ.

මේ අතර පහවසර ශිෂ්‍යත්ව විභාගය සමතුන්ට ලබා දෙන මාසික ශිෂ්‍යාධාර මුදල රුපියල් පන්සියයේ සිට රුපියල් 750 දක්වා වැඩි කර ඇතැයි ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කියයි.

ශිෂ්‍යත්ව විභාගය සමත් පහලොස් දහසකට එම ශිෂ්‍යාධාරය හිමිවේ. දැනට ශිෂ්‍යාධාර ලබන සිසුන්ටද එම වැඩි කළ මුදල ලැබෙනු ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *