වැසි වර්ධනයවන ලකුණු

Share Button

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය මත දිවයිනේ පවතින වැසි තත්ත්වය හෙට දිනයේ දී තවදුරටත් වර්ධනය වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද සවස 2.00න් පසු දිවයිනේ බොහෝ ප්‍ර දේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර වයඹ, මධ්‍යම, උතුරු මැද, ඌව සහ සබරගමු පළාත්වලට හා මන්නාරම් දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථානවලට මි.මී. 100 වැඩි තදවැසි අපේක්ෂිතය.

උදෑසන කාලයේ දී බස්නාහිර, දකුණ හා උතුරු වෙරළබඩ ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද, බස්නාහිර පළාත් අභන්තර ප්‍රදේශයන්හි හා සබරගමු, මධ්‍යඹ පළාත්වල ඇතැම් ප්‍රදේශයන්ට මීදුම් සහිත තත්ත්වයක් ද බලාපොරොත්තු විය හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති වීමේ හැකියාව පවතියි. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

දිවයින වටා මුහුදු ප්‍රදේශයන්හි ද තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දිවයින වටා මුහුදු ප්‍රදේශයන්හි නිශ්චිත දිශාවකින් තොරව පැ.කි.මී. 15-20 ත් අතර වේගයකින් හමන සුළං ඇති වේ. එමෙන්ම තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි කන්සන්තුරේ සිට පුත්තලම, කොළඹ, සහ ගාල්ල හරහා මාතර තෙක් මුහුදු ප්‍රදේශයන්හි ඇතිවිය හැකිය.

විටින් විට පැ.කි.මී. 40-45 දක්වා හමන සුළං හේතුවෙන් මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ තරමක් රළු විය හැකිය.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *