බෝග හානි වැළැක්වීම ගැන අදහස්, යෝජනා කෘෂිකර්මෙට දෙන්න.

Share Button

වනසතුන්ගෙන් සිදුවන වගා හානි වැළැක්වීම සඳහා ස්ථිර විසඳුම් සෙවීමට  ගොවීන් හා මේ සම්බන්ධව උනන්දුවක් දක්වන පුද්ගලයන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. ඒ අනුව 0112 872 094 යන  අංකයට දුරකථන හෝ ෆැක්ස් පණිවිඩයක් මඟින් එම තොරතුරු ලබා දීමේ හැකියාව පවතියි.

 

වන සතුන්ගෙන් විනාශයට පත්වන බෝගවල වටිනාකම රු. කෝටි 1,800 ඉක්මවන බවට ගණන් බලා තිබේ. තම වගාවන්ට වනසතුන්ගෙන් සිදුවන හානි පිළිබව ගොවීන්ගෙන් තොරතුරු ලබා ගැනීමට  වැඩපිළිවෙලක් පසුගියදා කෘෂි කර්ම අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරන ලදයි.

මේවන විට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම ගොවීන් විසින් වනසතුන්ගෙන් සිදුවු වගා හානි පිළිබඳව තොරතුරු කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබා දෙමින් පවතියි.

ගොවීන් පවසන පරිදි වැඩිම වගා හානියක් සිදුවන්නේ වල් ඌරන්, රිලවුන්, මොනරුන්, ඉත්තෑවුන්, හා වන අලී ආදී සතුන්ගෙනි. පොළොන්නරුවේ ඇතැම් ප්‍රදේශයන්ට හම්බාවන්ගෙන්ද  බෝග හානි සිදුවී තිබේ.

 

සතුන්ගෙන් වන  බෝග හානිය වළක්වා ගැනීම පිණිස මෙතෙක් අනුගමනය කළ හා ඇතැම් පිරිස් ලබා දුන් යෝජනා අසාර්ථක වී ඇති බව කෘෂි කර්ම අමාත්‍යාංශය පවසයි.

 

 

 

 

 

 

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *