වැලිපැන්න පිවිසුම විවෘතයි.

Share Button

තාවකාලිකව වසා දමා තිබු දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න ප්‍රෙව්ශ මාර්ගය අද උදෑසන සිට විවෘත කළබව දක්ෂිණ අධිවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් ඒකකය සඳහන් කරයි.

අධික වර්ෂාව හේතුවෙන්  මතුගම- අළුත්ගම මාර්ගය ජලයෙන් යටවීම නිසා පසුගිය 06 වෙනිදා පස්වරුවේ සිට  දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න පිවිසුම තාවකාලිකව වසා දැමීමට බලධාරීන් කටයුතු කළේය.

මේවන විට ජලය බැස යාම හේතුවෙන් අද (08) උදෑසන සිට වැලිපැන්න පිවිසුම යළි විවෘත කර තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *