ගිංගගේ පහල කොටසේ ජල මට්ටම තවදුරටත් ඉහලට

Share Button

ගාල්ල දිස්ත්‍රික්කයට හා ගිංගගේ ඉහල පෝෂක ප්‍රදේශවලට පසුගිය සෙනසුරාදා සිට ඇදහැලෙන ධාරානිපාත වැසි හේතුවෙන් ගිංගගේ පහල කොටසේ ජල මට්ටම තවදුරටත් ඉහලයමින් පවතින බව ගිංගග භාර වාරිමාර්ග ඉංජිනේරු චමිලා විරක්කොඩි මහත්මිය කියයි.

අද පෙරවරු 9.00 වනවිට බද්දේගම ඉදිගස්කැටිය ජල මාපකයට අනුව ගිංගගේ ජල මට්ටම මිටර් 4 යි දශම 7 ක් ලෙස සටහන්වී තිබින. ගගේ ඉහල ප්‍රදේශය වන තවලම. නෙඵව. හිනිදුම හා උඩුගම ප්‍රදේශවල ගගේ ජල මට්ටම මේ වනවිට සාමාන්‍ය තත්ත්වයට පත්ව තිබේ.

එහෙත්. ගංවතුරින් යටවී ඇති නාගොඩ. වැලිවිටිය දිවිතුර. බද්දේගම හා බෝපේපෝද්දල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශවල ගග ආශ්‍රිතව පිහිටි මාර්ග සියල්ල ජලයෙන් යටවී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ගාල්ල සහකාර අධ්‍යක්ෂ ලුතිනන් කර්නල් දම්පත් රත්නායක මහතා කියයි.

ඇතැම් මාර්ගවල අඩි හයක් පමණ උසට ජලය පවති. කෙසේ වෙතත් කාලගුණය යහපත් අතට හැරි ඇති බැවින් හෙට රාත්‍රිය වනවිට එම මාර්ගවල වාහන ගමනා ගමනයට හැකිවනු ඇතැයි ඔහු විශ්වාසය පළ කළේය. ඊයේ පෙරවරුවේ සිට මේ දක්වා ගාල්ල දිස්ත්‍රික්කයට හා ගිංගගේ් ඉහල පෝෂක ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාවක් ලැබි නැත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *