කාලගුණයෙන් විපතට පත් පනස් දහසකට මානූෂීය ආධාර

Share Button

පසුගිය දිනවල ඇති වූ ස්භාවික ව්‍යවසනයෙන් විපතට පත් වූ පුද්ගලයන් පනස් දහසක මානූෂීය ආධාර සැපයීමට ශ්‍රී ලංකා රතු කුරුස සමාජය පියවර ගෙන ඇත. ආපදාවට ලක් වූ සෑම ග්‍රාමනිලධාරී වසමකම ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කිරීම , ප්‍රථමාධාර ලබා දීම , පානීය ජලය ලබා දීම , ආහාර ද්‍රව්‍ය ලබා දීම ඇතුළු පහසුකම් සැපයීම ශ්‍රී ලංකා රතු කුරුස සමාජය කටයුතු කර තිබිණි.

අන්තර්ජාතික රතුකුරුස හා අඬසඳ සමාජ සම්මේලනය රුපියල් මිලියන 57 ක මූල්‍ය ආධාර මත ඉදිරි මාස 4 ඇතුළත ක්‍රියාත්මක වන පරිදි සහන සේවා ව්‍යපෘතියක්ද ක්‍රියාත්මක කර ඇත. මෙය ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ සභාපති ජගත් අබේසිංහ මහතාගේ ඉල්ලීමකට අනුව සිදු වූවකි. එමඟින් ආපදාවට ලක් වූ පවුල් 2800 කට රුපියල් දසදහස බැගින් මූල්‍ය ආධාර ලබා දීම , ළිං පිරිසිදු කිරීම , සෞඛ්‍ය සායන පැවැත්වීම ,ඩෙංගු නිවාරණ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා රතු කුරුස සමාජයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් කර්නල් සුදත් මඩුගල්ලේ මහතා පැවසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *