උතුරු පළාතේ 2018 මහ කන්නයේ වගා කටයුතු හින්දු චාරිත්‍රානුකූලව අරඔයි.

Share Button

 2018 මහ කන්නයේ උතුරු පළාතේ කෘෂිකාර්මික කටයුතු යාපනය දිස්ත්‍රික්කයේදී ඊයේ (07) ආරම්භ කෙරිණි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ සහභාගීත්වයෙන් වගා කටයුතු ආරම්භ කළ අතර හින්දු ආගමික සිරිත් විරිත් අනුව සිදු කරන ලද වතාවත්වලින් අනතුරුව යාපනය දිස්ත්‍රික්කයේ වගා කටයුතු ආරම්භ කරනු ලැබීය.

යාපනය  දිස්ත්‍රික්කයේ කුඹුරුවල බිම් නැගීම සහ වී වැපිරීමට ද , අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහභාගී වූ අතර එම අවස්ථාවට නියෝජ්‍ය කෘෂිකර්ම අමාත්‍ය අංගජන් රාමනායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

කෘෂිකර්ම අමාත්‍යංශයේ කෘෂි නවීකරණ ව්‍යාපෘතිය යටතේ කෘෂිකාර්මික පාරවල් කිහිපයක් ද අමාත්‍යවරයා අතින් විවෘත විය. ඊට අමතරව ගොවිජනතාවට අවශ්‍ය උපකරණ රැසක් ද අමාත්‍යවරයා අතින් ලබා දෙනු ලැබීය.

 

මෙහිදී අමාත්‍යවරයා අතින් බීජ වී මෙන් ම පැල වර්ග ද , ගොවි ජනතාව වෙත බෙදා දෙනු ලැබීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *