ශ්‍රී ලංකා වෙළෙඳ ද්වාරයෙන් ව්‍යවසායකයන්ට තොරතුරු

Share Button

 ශ්‍රී ලංකා වෙළෙඳ ද්වාරය ඇරඹීමත් සමඟ මෙරට ව්‍යාපාරිකයන්ට ආනයන – අපනයන තොරතුරු නිවරදිව හා සාර්ථකව හුවමාරු කිරීම ආරම්භ කර ඇති බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා ප්‍රකාශ කරයි.

මේ අනුව එහි දත්ත ගබඩාව ජාත්‍යන්තර වෙළෙදාම පිළිබඳ නිවරදි තොරතුරු ගබඩා කර ඇති බවත් , මෙරට ව්‍යවසායකයින්ට ජාත්‍යන්තර වෙළෙදාමට අවශ්‍ය තොරතුරු සියල්ල ඉතා ඉක්මනින් ලබා ගැනීමේ හැකියාව තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ පසුගියදා පැවති ප්‍රගති සමාලෝචන රැස්වීම අතරතුරය.

ශ්‍රී ලංකා වෙළෙඳ තොරතුරු ද්වාරය (SLTIP – Sri Lanka Trade Information Portal) ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ සහය ඇතිව පසුගිය ජුලි 23 වැනිදා කොළඹදී ආරම්භ කරන ලදියි.

මෙම තොරතුරු ද්වාරය සක්‍රීයව දේශීය ව්‍යවසායක ප්‍රජාවට ජාත්‍යන්තර වෙළෙදාමට අවශ්‍යවන ආනයන- අපනයන තොරතුරු ඇතුළු ව්‍යාපාරික තොරතුරු රැසක් ලබා දෙනු ලබයි.

 මෙහිදී අදහස් පළකළ රිෂාඩ් බදියුදීන් මහතා

 ශ්‍රී ලංකා වෙළෙඳ තොරතුරු ද්වාරය නිසා අපගේ ව්‍යවසායකයින්ට, ඔවුන්ගේ ව්‍යාපාරික කටයුතු සඳහා ඉතා හොඳ අවස්ථාවක් උදා වෙලා තියෙනවා. දැන් ඔවුන් තම පාර්ශවකරුවන් සමග ආනයන – අපනයන මෙන්ම හවුල් ව්‍යාපාර අවස්ථාවන් ගැනද සාර්ථකව සාකච්ඡා කරමින් සිටිනවා. එය අපේ ව්‍යාපාර ක්‍ෂේත්‍රයට ඉතා හොඳ අවස්ථාවක් උදා කරලා තියෙනවා. මේ නිසා අපගේ ව්‍යාපාරික හා ආයෝජන ක්‍ෂේත්‍රයේ සුවිශේෂි සංවර්ධනයක් අපට අපේක්‍ෂා කරන්නට පුළුවන්. මේ අවස්ථාව අපගේ සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යවසායකයින්ටත් ලබා දීමට අපි පියවර ගන්නවා.

මේ මගින් ඔබටත් ජාත්‍යන්තර අත්දැකීම් ලබාදීමට අපේක්‍ෂා කරනවා. ශ්‍රී ලංකා වෙළෙඳ තොරතුරු ද්වාරයේ මුළු අන්තර්ගතයෙන් සියයට 98.8 ක් වන ආකාරයට යාවත්කාලීන කිරීමට හැකිවී තිබෙනවා. දියත් කිරීමෙන් පළමු මාස දෙක ඇතුළත 10,071 ක පිරිසක් මෙම වෙබ් පිටුවට පිවිස තිබෙනවා. එය ලෝක බැංකුවේ ආධාර ඇතිව ක්‍රියාත්මක වන වෙළෙඳ තොරතුරු ද්වාරයක වාර්තා වුණු ඉහළම අගය වෙනවා. ලෝක බැංකු සමූහය (World Bank Group/ WBG) නොකඩවාම වෙළෙඳ තොරතුරු ද්වරය සඳහා මූල්‍යමය ආධාර සපයන අතර වෙනත් ආධාර ලබා දෙන ඒජන්සිය වන අන්තර්ජාතික වෙළෙඳ මධ්‍යස්ථානය හා GIZ නැමති ජර්මන් ආධාර ආයතන වෙළෙඳ තොරතුරු ද්වාරයේ අනාගත සංවර්ධනය සඳහා සහාය පළ කිරීමට එකඟතාව ලබා දී තිබෙනවා.” යැයි පැවසීය.

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11