ශ්‍රී ලංකා – කුවේට් වෙළෙඳ ගනුදෙනුවල 4%ක වර්ධනයක්

Share Button

ශ්‍රී ලංකා – කුවේට් ද්වීපාර්ශවික වෙළෙඳ ගනුදෙනුවල 4%ක වර්ධනයක් පෙන්නුම් කරන බව  කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

පසුගියදා ශ්‍රී ලංකාවේ කුවේට් තානාපති කහාලෆ් බූ දහයිර් (Khalaf Bu Dhhair) මහතා හමුවී අමාත්‍යාංශයේ දී සිදු කරන ලද සාකච්ඡාවකදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

කුවේට් රාජ්‍යය ගල්ෆ් කලාපයේ විශාලතම ධනවත් ආර්ථිකය හිමි දෙවන රාජ්‍යයි. කුවේට් – ශ්‍රී ලංකා ද්විපාර්ශවිකවෙළෙඳ ගනුදෙනු හා රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා වසර 21කට පසු නැවත ආරම්භ කිරීම ශ්‍රී ලංකා ආර්ථික සංවර්ධනයට සුභදායකවන බවත්, සාකච්ඡා තුළින් දෙරටේ වෙළෙඳ ගනුදෙනු වඩාත් ශක්තිමත්වීමේ වාසිය අප රටට ලැබෙන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

මේ වන විට අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් 13 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලාංකීය වෙළෙඳ දූත පිරිස කුවේට් රාජ්‍ය වෙත ගොස් ඇති අතර, ඊයේ  (09 දා) එරට ප්‍රධානතම ව්‍යවසායක හා ආයෝජන රාජ්‍ය ආයතනය වන කුවේට් ආයෝජන අධිකාරියේ (KIA – Kuwait Inventers Authority ) ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් සමග සාකච්ඡා කිරීම ආරම්භ කරනු ලැබීය.

 

 

මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් කතා කළ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා

” වසර 21 කට පසුව ශ්‍රී ලංකා – කුවේට් රාජ්‍ය අතර ද්වීපාර්ශවික වෙළෙඳාම සඳහා වන ඒකාබද්ධ ව්‍යාපාරික රැස්වීම, කුවේට් රාජ්‍යයේ පැවැත්වීම අප දෙරටේ දිගුකල් පවත්නා සවිමත් සබඳතාවක් ගොඩනැගීම සඳහා මුල පිරීමක් වෙනවා. අපේ දූත පිරිස සවිමත් කණ්ඩායමක් ලෙස හැඳින්වීමට පුලුවන්. අපේ කණ්ඩායමට මුදල්, මහනගර හා බස්නාහිර සංවර්ධන, විදේශ කටයුතු, උසස් අධ්‍යාපන, විදේශ රැකියා යන අමාත්‍යාංශවල ඉහළ නිලධාරීන් සහභාගී වෙනවා. 2016 වන විට කුවේට් රාජ්‍ය, ශ්‍රී ලංකාවේ 49 වැනි ආනයනික හවුල්කරුවා බවටත්, ශ්‍රී ලංකාව කුවේට් රාජ්‍යයේ 82 වන අපනයන හවුල්කරුවා බවටත් පත් වුණා. මෙම දත්ත දෙරට අතර ඉතා හොඳ ද්වීපාර්ශවික වෙළෙඳාමක් සඳහා විභවයක් පෙන්නුම් කරනවා. මේ වර්ෂයේදී අප කුවේට් රාජ්‍යයට සිදු කළ අපනයනයන් අතර සිලෝන් තේ, සැකසූ ආහාර,  පළතුරු, ශාක කොටස් සහ ෆයිබර් බෝඩ්, දැව ප්‍රධාන වෙනවා. අප කුවේට් රාජ්‍යයේ සිට ශ්‍රී ලංකාවට ගෙන්වන  හෙවත් ආනයනය කරන ලද භාණ්ඩ වන්නේ ඛණිජ වර්ග, රසායනික පොහොර, එතිලීන්, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් හා පෙට්රෝලියම් තෙල් ප්‍රමුඛ වෙනවා.” යැයි පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් කතා කළ ශ්‍රී ලංකාවේ කුවේට් රාජ්‍යයේ තානාපති කහලාෆ් බූ දහායිර් මහතා මෙසේ පැවසීය.

“ශ්‍රී ලංකා – කුවේට් රාජ්‍යයේ ද්වීපාර්ශවික ව්‍යාපාරික සැසිය දෙරටේ වෙළෙඳ සබඳතා තරකර ගැනීමටක්, ආයෝජන සංවර්ධනය සඳහාත් ඉතා වැදගත් වෙනවා. අපි මේ සැසිය ඉතා හොඳින් සංවිධානය කරනවා. ඒ වගේම අපේ දෙරටේ ඉතා වැදගත් ව්‍යාපාරික අංශයක් වන කුවේට් වාණිජ හා කර්මාන්ත මණ්ඩලය වගේම ලෝකයේ හතරවන විශාලතම ස්වෛරී අරමුදල වන කුවේට් ආයෝජන අධිකාරිය (KIA) මෙම සාකච්ඡා සැසිය සඳහා සහභාගී වෙනවා. එම නිසා මෙම හමුව ශ්‍රී ලංකා – කුවේට් ව්‍යාපාරික සබඳතා ශක්තිමත් කිරීමට හේතු වේවි.” යැයි පැවසීය

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

COVID-19 තත්ත්ව වාර්තාව
2020-Jul-03 | 05:07

තහවුරු කරනලද රෝගීන් සංඛ්‍යාව(සමුච්චිත) - 2,066
ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව - 228
නව රෝගීන් සංඛ්‍යාව - 00
රෝහල් ගත වී සිටින මුළු පුද්ගලයින් සංඛ්‍යාව - 58
සුවය ලබා පිටව ගිය සංඛ්‍යාව - 1,827
මරණ සංඛ්‍යාව - 11