වැසි පොදින් මිදී සාහිත්‍ය උණුසුම විදින්න ගුවන් විදුලියට එන්න.

Share Button

සුභාවිත ගීත රස වින්දනයේ තෝනැන්න “ NLB ප්‍රාර්ථනා “ වැඩසටහන අද (10) සවස 04.00 ට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කුමාරතුංග මැදිරියේ දී පටිගත කරනු ලැබේ.  සුභාවිත ගීතයේ රස මිහිර විදීමට කැමති ඕනෑම කෙනෙකුට වැඩසටහන නැරඹීම පිණිස ගුවන් විදුලියට පැමිණිය හැකි බව City FM කාර්ය මණ්ඩලය දැනුම් දෙයි.

සුභාවිත ගීතයේ රසය සොයා යන මෙම වැඩසටහනට අනුග්‍රහය සපයන්නේ  ජාතික ලොතරුයි මණ්ඩලයයි.  ප්‍රවීණ ගීත රචක බන්දුල නානායක්කාර මහතා  ගී රස වින්දනයෙන් දායකවන අතර, වැඩසටහනේ සංගීත අධ්‍යක්ෂණය සිදු කරනු ලබන්නේ නාලක අංජන කුමාර විසිනි.  ගීත ගායනයෙන් තමරා දර්ශනි, සන්ධ්‍යා කුමුදුනී සහ  සුරංගිකා දිල්හානි  සහය වෙති.

අනුෂ්ක අනුරංග බණ්ඩාර විසින් මෙහෙයවනු ලබන “ NLB ප්‍රාර්ථනා“ වැඩසටහනේ නිෂ්පාදනය  සුගන්ධි කාංචනා පෙරේරා විසිනි.

හරවත් තාරුණයට යන තේමා පාඨය මුල් කරගත් City FM ගුවන්විදුලිය අයාලේ යන ගීත සංස්කෘතියක් හමුවේ තරුණ පරපුර ශික්ෂිත සුභාවිත ගීතය කරා යොමු කරවීමේ අදහස පෙර දැරිව පවත්වනු ලබන “ NLB ප්‍රාර්ථනා“ වැඩසටහන City FM ගුවන් විදුලියේ තවත් සමාජ සත්කාරයකි.

“ NLB ප්‍රාර්ථනා“  වැඩසටහන එළඹෙන ඉරිදා (14) පෙ.ව 8.00 ට 89.6 හා 89.8 සංඛ්‍යාත ඔස්සේ  City FM ගුවන් විදුලිය ඔස්සේ ප්‍රචාරණය කෙරේ.

 

 

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *