ශ්‍රීී ලංකාව ඉන්දීය සාගරයේ වානිජ කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම රජයේ අරමුණ

Share Button

2025 වසර ඉලක්ක කර ගත් රජයේ ප්‍රතිපත්තිය අනුව ශ්‍රීී ලංකාව ඉන්දීය සාගරයේ වානිජ කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම අරමුණ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඉන්දීය සාගරයේ ශ්‍රීී ලංකාවේ භුගෝලීය පිහිටීම නිසා සැබවින්ම එය අනාගතයේ සාගරය වනු ඇතැයි ද අගමැතිවරයා සදහන් කරයි. ඉන්දිීය සාගරය අපගේ අනාගතය නිර්වචනය කිරීමේ සමුඵව සමාරම්භක අවස්ථාව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ පැවැත්විණ.

ඉන්දිීය සාගරය ආශ්‍රිත රාජ්‍යයන්ට සහ එම සාගරය විශාල වශයෙන් භාවිත කරන රටවලට පොදු වු අභිලාෂ හා ගැටඵවලට අදාල කරුණු සාකච්ඡා කිරීම සදහා වේදිකාවක් නිර්මාණය කිරිම මෙම සමුඵවේ අරමුණයි.

ආරම්භක දේශනය සිදු කරමින් අගමැතිවරයා වැඩිදුරටත් සදහන් කළේ ඉන්දීය සාගර කලාපයේ ගමනාගමනයේ නිදහස තහවුරු කිරීමත් . සාගර පතුල උපයෝගී කර ගනිමින් පවත්වාගෙන යන ඩිජිටල් සබඳතාවල නිදහස තහවුරු කිරීමත් අත්‍යවශ්‍ය වන බවයි.

සාගර පතුලේ ඇති සන්නිවේදන රැහැන් මගින් රජයකට පාලනය කළ නොහැකි අවුල් සහගත තත්ත්වයන් මෙන්ම ආරක්ෂාව පිළිබද ගැටඵ හා වගකීම් පිළිබඳ ගැටඵ නිර්මාණය වන බව වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉන්දීය සාගරය මධ්‍යයේ පිහිටා ඇති ශ්‍රීී ලංකාව මෙම ගැටඵ පිළිබදව වඩා ගැඹුරු අවධානයකින් කටයුතු කිරීමට සුදානම් බවද අගමැතිවරයා කීවේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *