සෞදි අරාබි මාධ්‍යවේදියා අතුරුදන්වීම පිළිබඳ තොරතුරු රැසක්

Share Button

අතුරුදන්වුයේ යැයි සැක කෙරෙන සෞදි අරාබි මාධ්‍යවේදි ජමාල් කගෝෂි තුර්කි ස්ථාන්බුල් හි සෞදි අරාබි කන්සියුලර් කාර්යාලය තුළ වදදී ඝාතනය කර ඇතැයි තුර්කි බලධාරිහු කියති. ඊට අදාල හඩපට සහ සී සී ටී දර්ශන තමන් සතු බව තුර්කි ඔව්හු පවසති. ඔහු මෙම ස්ථානයට ගොස් ඇත්තේ තම පලමු විවාහයෙන් වෙන්වන බව දැනුම්දීමටය.

සෞදි අරාබි ජාතිකයෙකු වන ඔහුසෞදි අරාබි රජය දැඩි ලෙස විවේචනය කළ අයෙකි. ඇමෙරිකාවේ ජීවත් වෙයි. ඔහු පසුගිය 02 වැනිදා අදාල කන්සියුලර් කාර්යාලයට ඇතුඵවන ආකාරය විඩියෝ පට මගින් දක්නට ඇතත් පිටවීමක් පිළිබඳව දක්නට නොලැබේ. ඔහු ඇතුඵවු පසු කෑගැසීම් සහ ප්‍රහාර එල්ලවන ආකාරයේ හඩපට කිහිපයක් තුර්කි බුද්ධි අංශ සොයා ගෙන ඇත.

කෙසේ වුවත් සෞදි අරාබි රජය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරයි. ඇමෙරිකාවට එල්ලවු අල්කයිඩා ප්‍රහාරයට සෞදි රජපවුල සම්බන්ධ යැයි තොරතුරු දැනසිටිම නිසා ඔහුට සෞදියේ තර්ජන එල්ලවී තිබු බව මාධ්‍යවේදියාගේ මිත්‍රයෙකු සදහන් කර තිබේ. ඔහුගේ ඉදිරිපත් කිරීම නිසා සෞදි රජපවුල ද දැඩි අපහසුතාවයට පත්ව සිටින බව වාර්තා වෙයි.

සෞදිය යේමනයට එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් ද ඔහු විවේචන එල්ල කරමින් ලිපි පළකර තිබුනි. ඔහු ඇතුල්වන අවස්ථාවේ කඵපැහැති මෝටර් රථයක් ද එම ස්ථානයට පැමිණ තිබේ. මේ අතර. අතුරුදන්වු මාධ්‍යවේදියා පිළිබඳව සාකච්ඡා කිරීම සදහා සෞදි දුත පිරිසක් දැන් තුර්කියට පැමිණ සිටිති. මාධ්‍යවේදියා අතුරුදන්වු බවට තුර්කි පොලිසියට පැමිණිල්ල ඉදිරිපත් කලේ ඔහුගේ තුර්කි පෙම්වතියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *