එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා වැඩසටහන යටතේ නව ප්‍රතිලාභ රැසකට අනුමැතිය

Share Button

එන්ටර්ප්‍රයිස් ශ්‍රි ලංකා වැඩසටහන යටතේ නව ප්‍රතිලාභ රැසක් ජනතාවට ලබාදිමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇතැයි මහජන බැංකුවේ සහකාර සාමාන්‍යාධිකාරි වික්‍රම නාරායන මහතා පැවසිය . ජාතික ගුවන්විදුලියේ සුභාරති සංවාද මණ්ඩපයට එක්වෙමින් ඔහු කියා සිටියේ දිරිය සවිය ණය යෝජනා ක්‍රමය යටතේ ස්වයංරැකියා ලාභින්ට රුපියල් ලක්ෂ 10 දක්වා ණය ලබාදෙන බවයි.

සත්ව පාලනය සදහා රුපියල් ලක්ෂ 50 දක්වා ද හරිත ණය යෝජනා ක්‍රමය මගින් දිරාපත් වන අපද්‍රව්‍ය යොදාගෙන සිදු කෙරෙන ඕනෑම නිෂ්පාදනයකට රුපියල් ලක්ෂ 10 දක්වා ණය ලබාගත හැකිය.

ළමා සුරැකුම් මධ්‍යස්ථාන. නිවාස වල සුර්ය පැනල සවිකිරිමට සහ ව්‍යාපාරිකයන් සදහා රුපියල් ලක්ෂ 35 සහ රුපියල් ලක්ෂ 75 දක්වා ණය ලබාගත හැකිය ඊට අමතරව . රන් අස්වැන්න . ගොවි නවෝදා . ජය ඉසුර සහ. දිවිසවිය යන ණය යෝජනා ක්‍රම යටතේ රුපියල් ලක්ෂ 15 දක්වා ලබාගත් ණය වලට සියයට 75 ක ණය ආවරණයක් ලබාදිමට ද කටයුතු කර ඇතැයි වික්‍රම නාරායන මහතා කියා සිටි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *