භාණ්ඩ වර්ග 200 ක මිල පහතට

Share Button

ලංකා සතොස ආයතනය අද සිට භාණ්ඩ වර්ග 200 ක මිල පහත දමයි. සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් පාරිභෝගිකයන්ට සහන සැලසීම එහි අරමුණ බව සතොස මෙහෙයුම් කටයුතු භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි රොෂාන් එස් හස්සන් මහතා කියයි.

ඒ අනුව රතු පරිප්පු කිලෝවක මිල රුපියල් 110 දක්වා අඩු කර තිබේ. දේශීය සම්බා සහල් කිලෝවක මිල රුපියල් 84 දක්වා ද . රතු සහල් කිලෝවක මිල රුපියල් 57 දක්වා ද . සුදු සහල් කිලෝවක මිල රුපියල් 67 දක්වාද අඩු කෙරේ. සුදු සීනි කිලෝවක මිල රුපියල් 97 කි.

හාල්මැස්සන් කිලෝවක මිල රුපියල් 669 කි. ලොකුඵෑණු කිලෝවක නව මිල රුපියල් 75 කි. ටින් මාඵ රුපියල් 195 දක්වා අඩු කර තිබේ. මෙම මිලගණන් දිවයින පුරා ක්‍රියාත්මක බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා පවසයි.

මහා භාණ්ඩාගාරයෙන් ලැබුණු මුල්‍ය ප්‍රතිපාදන හේතුවෙන් ලංකා සතොස ආයතනය පාරිභෝගිකයන්ට මෙම සහන ලබාදී තිබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *