තවුහිත් ජමාත් සංවිධානය සිසුන් ඉලක්ක කල සම්මන්ත්‍රණයක තොරතුරු හෙලි වෙයි

Share Button

කදුරුවෙල නගරයේ සිදුකල සෝදිසි මෙහෙයුමකදී තවුහිත් ජමාත් සංවිධානය 2018 වසරේදී සාමාන්‍ය පෙල සිසුන් ඉලක්ක කර පැවැත්වූ සම්මන්ත්‍රනයක තොරතුරු ලැබී තිබේ.

සම්මන්ත්‍රණයට අදාලව මුද්‍රණය කර තිබූ පෝස්ටර් සමග එක් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. කදුරුවෙල ප්‍රදේශයේ පෞද්ගලික ආයතනවල සේවය කල අනන්‍යතාව තහවුරු කළ නොහැකි වූ පුද්ගලයින් තිදෙනෙකුද අත්අඩංගුවට ගෙන තිබේ. බිබිල ප්‍රදේශයේ ඊයේ සිදුකල මෙහෙයුමකදීද ව්‍යාපාරික ස්ථානයක සගවා තිබූ චීනයේ නිෂ්පාදිත කඩු සොයාගෙන ඇත.

මේ අතර සයින්දමරුදු ප්‍රදේශයේ පිපිරීම් සිදුවූ නිවසින් හමුවූ බෑගයක තිබී සුදු පැහැති කාන්තා ඇදුම් තොගයක් සොයාගෙන තිබේ. ඒවා මිලදී ගැනීමට පැමිණි වෑන් රථය සොයා විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය කියයි.

මෙම සුදු ඇදුම් ගිරිඋල්ල නගරයේ පිහිටි නිමි ඇදුම් වෙලද සැලකින් මිලදී ගෙන ඇති අතර අදාල බෑගය තම ආයතනයේ බවට වෙලදසැලේ හිමිකරු හදුනාගෙන ඇත. රුපියල් තිස් දහසක් වියදම් කර මිලදී ගෙන තිබූ මෙම ඇදුම්වලින් කොටසක් අතුරුදන් බවද පොලිසිය කියයි. ඊට අදාල කඩිනම් විමර්ශන ක්‍රියාත්මක කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *