ආරක්ෂක අංශ කෙරෙහි විශ්වාසය තබා කටයුතු කරන්න – ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි

Share Button

රට සහ ජනතාව වෙනුවෙන් කැපවීමෙන් යුතුව ආරක්ෂක අංශ සිය රාජකාරි ඉටුකරමින් සිටින බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා පවසයි. එබැවින් ආරක්ෂක අංශ කෙරෙහි පුර්ණ විශ්වාසය තබා තමන්ගේ එදිනෙදා කටයුතු සහ රාජකාරි සාමාන්‍ය පරිදි සිදුකරන ලෙස ඔහු ඉල්ලා සිටි.

මේ අතර වර්තමානයේ ඇතිවී තිබෙන තත්ත්වය පිලිබදව යුදහමුදාපති ලුතිතන් ජනරාල් මහේෂ් සේනානායක මහතා අදහස් පලකරයි. පොදු නිතියට අවනත නොවන අයට එරෙහිව නිතිය උපරිමයෙන් ක්‍රියාත්මක වේ. බීමත්ව නිතියට අවනත නොවී කටයුතු කරන අයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ද ඔහු පවසයි.

තලතා අතුකෝරාල ඇමතිවරිය පවසන්නේ තවුහිද් ජමාද් සංවිධානය සම්බන්ධයෙන් බොහෝ තොරතුරු ජනතාව හමුවේ තැබීමට ඉදිරියේදී රජය ක්‍රියාකරන බවයි. එම සංවිධානයට මුදල් ලබාදුන් පාර්ශව සම්බන්ධයෙන්ද අවධානය යොමුව ඇත.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *