විජයබා කොල්ලය අද සිට දිවයින පුරා සිනමාශාලා වලදී තිරගත වේ

Share Button

මහාචාර්යය සුනිල් ආරියරත්න මහතාගේ නවතම නිර්මාණය වන විජයබා කොල්ලය අද (01)  සිට දිවයින පුරා සිනමාශාලා වලදී තිරගත වේ. චිත්‍රපට සංස්ථාව චිත්‍රපට බෙදා හැරීම පවරාගත් පසු ඉදිරිපත් කෙරෙන පලමු චිත්‍රපටය මෙයයි.

විජයබා කොල්ලය නව කථාව ඇමුරෙන් ආාචර්යය තිස්ස අබේසේකර මහතා මෙහි තිරනාටකය ලියා තිබේ.

තිස්ස අබේසේකර ශූරීන්ගේ අවසාන තිරරචනය මෙයයි. මෙම චිත්‍රපටය ත්‍රීඩී තාක්ෂණයෙන් රූපගත කල පලමු චිත්‍රපටයයි. එච් ඩී ප්‍රේමසිරි මහතා මෙය නිෂ්පාදනය කර ඇත.

හේමාල් රණසිංහ.,අශාන් ඩයස්, සෙනාලි ෆොන්සේකා, ප්‍රිති රන්දෙණිය, මහාචාර්යය ආරියරත්න කඵආරච්චි ඇතුඵ නඵ නිලියෝ රංගනයෙන් එක්වෙති.

ආචාර්යය රෝහණ වීරසිංහ මහතා සංගීතය නිර්මාණය කර තිබේ. ප්‍රවීණ පත්‍රකලාවේදී ආචාර්යය ඒ ඩී රංජිත් කුමාර මහතා නිෂ්පාදන සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇත.

චිත්‍රපටය තිරගතවීම ආරම්භ කිරීමත් සමගම නුගේගොඩ සරසවි පොත් ප්‍රකාශන ආයතනය විජයබා කොල්ලයේ 27 වන මුද්‍රණයද එලි දක්වයි.

මංගල දර්ශනය අද පස්වරු 6 30 ට වැල්ලවත්ත සැවෝයි ශාලාවේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් තිරගත වේ. සජිත් ප්‍රේමදාස ඇමතිවරයාද මෙම අවස්ථාවට එක්වෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *