ශ්‍රි ලංකා නවසිලන්ත පලමු පන්දුවාර විස්සයි විස්ස තරගය අද මහනුවර දි

Share Button

සංචාරක නවසිලන්ත කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායම අතර පලමු පන්දුවාර විස්සයි විස්ස තරගය මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිඩාංගනයේදී අද පැවැත්වේ. රාත්‍රි 7.00 ට තරගය ඇරඹේ. ලසිත් මාලිංග ශ්‍රි ලංකා කණ්ඩායමේ නායකයායි. ටිම් සවුති නවසීලන්ත කණ්ඩායමට නායකත්වය දෙයි. මහනුවර ප්‍රදේශයට මේ වනවිට කඩින්කඩ වැසි ඇඳහැලෙන බව අප වාර්තාකරු කියයි
===
ශ්‍රී ලංකා යුද හමුදා ගජබා රෙජිමේන්තුව ශ්‍රී ලංකා මෝටර් රථ ක්‍රිඩා රියදුරන්ගේ සංගමය සමග එක්ව සංවිධාන කරන ගජබා සුපර්ක්‍රොෂ් මෝටර් රථ හා යතුරුපැදි ධාවන තරගාවලිය අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු මුලස්ථාන ධාවන පථයේදී අද පැවැත්වේ. මෙවර තරගාවලිය පැවැත්වෙන් 18 වන වතාවටයි. වයස අවුරුදු 10 න්. 13 න් හා 16 න් පහල වයස් කාණ්ඩවල තරගකරුවන් සදහා වෙන්වු යතුරුපැදි ධාවන ඉසව් තුනක් ඇතුඵව මෝටර් රථ ධාවන ඉසව් 13 ක් හා යතුරුපැදි ධාවන ඉසව් 11 ක් තරගාවලියට ඇතුලත්ය. දෙස් විදෙස් තරගකරුවෝ 200 කට ආසන්න පිරිසක් ඊට සහභාගි වෙති. ත්‍රස්තවාදය මැඩලීමේදි දිවිපිදු හා අතුරුදන්වු ගජබා රෙජිමේන්තු නිලධාරින් හා සෙබලුන්ගේ පවුල්වල මෙන්ම ආබාධිත තත්ත්වයට පත් රණවිරුවන්ගේ සුබසාධනය සදහා අරමුදල් රැස්කිරීමේ අරමුණින් වාර්ෂිකව මෙම තරගාවලිය සංවිධාන කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *