ජනාධිපතිවරණයට නාමයෝජනා භාරගන්නා ලබන සදුදා කොළඹ පාසල් කිහිපයක් වැසේ

Share Button

ජනාධිපතිවරණය සදහා නාම යෝජනා භාරගන්නා ලබන සදුදා කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ඨාස 3 ක සියඵ පාසල් හා ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 3 ක් වසා තැබේ.

ආරක්‍ෂක හේතුන් මත එදින පෙරවරු 7.00 සිට පස්වරු 1.00 දක්වා රාජගිරිය සරණ මාවත ඇතුඵ මාර්ග කිහිපයක් වසා තැබේ. මැතිවරණ මහ ලේකම් කාර්යාලයට පැමිණෙන දේශපාලන පක්‍ෂ අපේක්ෂකයන්ගේ සහ පක්‍ෂ ක්‍රියාකාරින්ගේ රථවාහන නවතා තැබීමට රාජගිරිය මංසන්ධිය සහ ඒ අවට වෙන්කර ඇත.

කොළඹ අධ්‍යාපන කලාපයට අයත් බොරැල්ල , දකුණු කොළඹ හා මැද කොළඹ කොට්ඨාසවල සියඵම පාසල්ද ශ්‍රී ජයවර්ධනපුර කලාපයේ රාජගිරිය ජනාධිපති විද්‍යාලය. හේවාවිතාරණ විද්‍යාලය සහ හේවාවිතාරණ ආදර්ශ කණීෂ්ඨ විද්‍යාලය එදින වසා තැබේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *