ථේරපුත්ත පුරාණ රජමහ විහාරස්ථානයේ දුර්ලභ පුරාවස්තු රැසක් විනාශ  වෙමින් පවතින බවට තොරතුරු

Share Button

ඇඹිලිපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි ඵෙතිහාසික තෙරුන්කටුව ථේරපුත්ත පුරාණ රජමහ විහාරස්ථානයේ දුර්ලභ ගණයේ වටිනා පුරාවස්තු රැසක් විනාශ වෙමින් පවතින බව ප්‍රදේශවාසීහු පවසති.

මෙම විහාරස්ථානය අනුරාධපුර යුගයට අයත් වෙයි. දුටුගැමුණු රජ සමයේ ඉදිකළ බව කියන මෙම විහාර භූමියේ පිහිටි ගරාවැටෙමින් පවතින දාගැබ් ගර්භයේ ථේරපුත්ත යෝධයාගේ රන් කඩුව නිධන් කර ඇති බවට විශ්වාසයක් පවතී.

චන්ද්‍රකාන්ත පාෂාණයෙන් නිමකළ දැවැන්ත ගල්කණු, සදකඩපහන, මුරගල් , ඉපැරණි ගොඩනැගිලි , සුන්බුන් රැසක් එහි පවතී.

ඉන් බොහොමයක් මේ වනවිට නිධන් සොරුන්ගේ ග්‍රහණයට ලක්වි අවසන්ය.  මේ පිළිබඳව බලධාරීන්ගේ අවධානය කඩිනමින් යොමු වියයුතු බව ජනතාව පවසති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *