වරකාපොලදි අද අලුයම සිදුවු රිය අනතුරකින් ගුවන් හමුදා සාමාජිකයන් සිවිදෙනෙකුට දිවි අහිමිවෙයි

Share Button

කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයේ වරකාපොල දුම්මලදෙනිය ප්‍රදේශයේ අද අලුයම සිදුවු රිය අනතුරකින් ගුවන් හමුදා සාමාජිකයෝ සිව්දෙනෙක් මරණයට පත්වුහ. ත්‍රිරෝද රථයක් හා බහලුම් ප්‍රවාහන රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුවිය. මරණයට පත්ව ඇත්තේ ත්‍රිරෝද රථයේ ගමන්ගත් සිව්දෙනායි. ත්‍රිරෝද රථයේ රියදුරාට නින්ද යාම අනතුරට හේතුවන්නට ඇතැයි පොලිසිය සිදුකල මුලික විමර්ශන වලදි අනාවරණය වි තිබේ.

මාවනැල්ලේ සිට හෙම්මාතගම දක්වා ධාවනය වෙමින් තිබු පෞද්ගලික බස්රථයක් අද පෙරවරු 8 ට පමණ කුඹල්ගම ප්‍රදේශයේදි මාර්ගයෙන් ඉවතට පැන පෙරලීමෙන් දසදෙනෙක් තුවාල ලබති.ඔවුහු මේ වන විට මාවනැල්ල රෝහලේ ප්‍රතිකාර ලබති. අනතුර සිදුවන අවස්ථාවේ මගිහු පහලොස්දෙනෙකු පමණ බස්රථයේ වුහ. රියදුරාට බස්රථය පාලනය කර ගැනිමට නොහැකිවිමෙන් අනතුර සිදුවි ඇතැයි හෙන්මාතගම පොලිසිය කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *