රට තුලදී ඖෂධ නිෂ්පාදනයෙන් වාර්ෂිකව ඇමරිකානු ඩොලර් මිලියන 700 ක් ඉතිරි කර ගත හැකි බව සෞඛ්‍ය ඇමතිවරයා කියයි

Share Button

රටට අවශ්‍ය සියලු ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීම සදහා අත්සන් තැබු ගිවිසුම් 48 යටතේ දෙස් විදෙස් සමාගම් එම නිෂ්පාදන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි සෞඛ්‍ය ඇමති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි. කර්මාන්ත ශාලා සදහා කඵතර වැලිපැන්න ප්‍රදේශයේ විශේෂ කර්මාන්ත කලාපයක් ස්ථාපිත කර ඇත. එමගින් වසරකට ඇමරිකානු ඩොලර් මිලියන 700 ක් ඉතිරි කර ගැනීමට හැකි වන බව ඇමතිවරයා පැවසුවේ ජාතික ගුවන් විදුලියේ සුභාරති වැඩසටහනට අද එක් වෙමිනි
මෙම අවස්ථාවට එක්වු රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති ආචාර්ය එම් එච් එම් රූමි මහතා පසුගිය වසර තුල තුල අලුතින් ඔසුසැල් 8 ක් විවෘත කර ඇතැයි කීය. මේ වසර අවසන් වීමට පෙර තවත් ඔසුසල් 15 ක් පමණ අලුතින් විවෘත කිරීමට නියමිතයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *