කොරෝනා හේතුවෙන් බස්නාහිර පළාතේ තාවකාලිකව අත්හිටුවා තිබු මංතීරු නීතිය අද සිට

Share Button

කොරෝනා හේතුවෙන් බස්නාහිර පළාතේ තාවකාලිකව අත්හිටුවා තිබු මංතීරු නීතිය අද සිට යලි ක්‍රියාත්මක බව පොලිස් රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ මහතා පවසයි. අරඹමු මහ මග විනය තේමාව යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. කොළඹට ඇතුඵ වන මාර්ග 4 ක මංතීරු නීතිය ක්‍රියාත්මකයි.ශ්‍රී ජයවර්ධනපුර මාවත පොල්දුව හන්දියේ සිට හෝ්ර්ට්න් වටරවුම දක්වා  බේස්ලයින් පාරේ කැලණි පාලමේ සිට බේස්ලයින් හන්දිය තෙක්හයිලෙවල් මාර්ගයේ අනුලා විද්‍යාලය අසල සිට ශ්‍රිී සම්බුද්ධ ජයන්ති මාවත දක්වාත්   තුම්මුල්ල වටරවුමේ සිට පුස්තකාල හන්දිය තෙක්   ආනන්ද කුමාරස්වාමි මාවතේ සිට පිත්තල හන්දිය දක්වා මෙන්ම විලියම් හන්දියේ සිට ගාලු මුවදොර වටරවුම දක්වා මෙම නීතිය ක්‍රියාත්මක කෙරේ. මෙය නිරීක්ෂණය කිරීමට පොලිසියේ ද 1500 කට වැඩි පිරිසක් යොදවනු ලැබේ

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *