අඩ වැටුප් ගෙවිම සම්බන්ධයෙන් හාම්පුතුන්ගේ සම්මේලනය කළ ඉල්ලිමක් කම්කරු ඇමති ප්‍රතික්ෂේප කරයි

Share Button

කොවිඩ් හේතුවෙන් සේවකයන්ට වැටුපෙන අඩක් ගෙවිම දෙසැම්බර් දක්වා දිර්ඝ කරන්නැයි හාම්පුතුන්ගේ සම්මේලනයේ නියෝජිතයන් කළ ඉල්ලිම කම්කරු ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රතික්ෂේප කරයි. ඉකුත්දා කම්කරු අමාත්‍යංශයේ පැවති කෝවිඩ් නයින්ටින් කම්කරු කාර්ය සාධක බලකා රැස්විමේදී ඔව්හු මෙම ඉල්ලිම කළහ.සංචාරක ක්ෂේත්‍රය හැර අනෙකුත් අංශ මේ වනවිට යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන නිසා මෙම යෝජනාව සම්බන්ධයෙන් තමන්ට ඇමති මණ්ඩලය හමුවේ කරුණු කිව නොහැකි බව නිමල් සිරිපාල ද සිල්වා මහතා කිවේය. තම නිෂ්පාදනවල පහත වැටිම පිළිබඳව නිවැරදි දත්ත සංඛ්‍යා ඉදිරි සාකච්ඡාව සදහා ඉදිරිපත් කළහොත් එවැනි අංශ සදහා පමණක් යම් සාධාරණයක් ඉටු කිරිමට ඇමතිවරයා පොරොන්දු විය. මේ අතර ඇතැම් වෘත්තිය සමිති පෙන්වා දුන්නේ සේවකයන් ඉවත් නොකරන බවට හාම්පුතුන් එකගතාව පළ කර තිබු්ණත් මේ වනවිට විවිධ උපායමාර්ග යොදා ගනිමින් ඔවුන් එය කඩකරන බවයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *