රැකියා ඉලක්කගත තොරතුරු තාක්ෂණ පාඨමාලා ආරම්භ කිරීමට ශ්‍රීී ලංකා වෘත්තිීය පුහුණු අධිකාරිය සුදානම්

Share Button

ශි්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ තොරතුරු තාක්ෂණ පාඨමාලා කාලීන අවශ්‍යතාවලට සරිලන පරිදි සකස් කෙරේ. ඒ සදහා අධිකාරිය ශ්‍රිී ලංකා මෘදුකාංග සේවා සමාගම් සංගමය හා ඇමරිකාවේ යුලිඩ් සංවිධානය සමග එක්ව සිටී. තොරතුරු තාක්ෂණ විෂය සදහා විශාල වියදමකින් පාඨමාලා පැවැත්වුව ද පාඨමාලා හැදෑරූවන් රැකියාගත වීම ඉතාමත් අවම මට්ටමක පවතින බව සමීක්ෂණයකින් හෙලිවු බව කොළඹ අද පැවති මාධ්‍ය හමුවක දී ශ්‍රීි ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති දමිත වික්‍රමසිංහ මහතා පැවසීය.අධිකාරියේ තොරතුරු තාක්ෂණ පාඨමාලා යාවත්කාලීන නොවීම එම තත්ත්වයට ප්‍රධාන හේතුවයි. අදාල විෂය නිර්දේශ කඩිනමින් වෙනස් කිරීමේ හැකියාවක් නොමැති බැවින් ඒවා කාලීන අවශ්‍යතා අනුව සකස් කිරීමට මෙම ආයතන දෙකේ සහාය ලබා ගැනීමට තීරණය කළ බව ඔහු සදහන් කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *