මෙරටින් 13 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

Share Button

මෙරටින් 13 වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි. හලාවත මුලික රෝහලේදී අද පස්වරුවේ මියගිය රෝගියා කොරෝනා ආසාදිතයෙකු බව වසංගත රෝග පිළිබඳ විශේෂඳ වෛද්‍ය සුදත් සමරවීර මහතා සනාථ කරයි. එලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 60 ක පුද්ගලයෙකි. ඔහු නාවිකයෙකු ලෙස සේවය කළ අයෙකි. බහරේනයේ සිට ඔහු මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 2 වැනිදාය.එම අවස්ථාවේ ඔහු කොරෝනා ආසාදිතයෙකු ලෙස හදුනාගෙන නැත. නිරෝධායනයට ලක් වෙමින් සිටියදී පසුගිය 9 වැනිදා ඔහු හලාවත මුලික රෝහලට ඇතුලත් කර තිබේ. මරණයට ආසන්නතම හේතුව ලෙස දැක්වෙන්නේ හෘදයාබාධකයකි

කොරෝනා ව්‍යාප්තියෙන් රට ආරක්ෂා කර ගැනීමට ජනතාව නව ජීවන රටාවකට හුරුවිය යුතු බව සෞඛ්‍ය ඇමතිනිය කියයි

නව ජීවන රටාවක් උදෙසා යන තේමාව යටතේ සෞඛ්‍ය අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ප්‍රවර්ධන වැඩසටහන නිල වශයෙන් ආරම්භ කිරීම එම අමාත්‍යංශයේ දී අද පෙරවරුවේ සිදු විය.ඇමති පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ද එම අවස්ථාවට එක්වුවාය.රට තවදුරටත් කොරෝනා වයිරසයෙන් ආරක්ෂා කර ගැනීමත් වයිරසයෙන් ආරක්ෂා වීම පිළිබඳව ජනතාව දැනුවත් කිරීමත් මෙම වැඩපිළිවෙලේ අරමුණයි. මෙම වැඩපිළිවෙල මගින් නිපදවන ප්‍රචාරණ දැන්වීම් සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීම අද සිට ඇරඹේ.ඉටුකම අරමුදල වැඩසටහනට මුල්‍ය දායකත්වය සපයයි. තාක්ෂණික දායකත්වය සපයන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයයි

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *