උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධාන කළ කෘෂිකාර්මික ප්‍රදර්ශනය කිලිනොච්චියේ වට්ටකච්චි ගොවිපොලේදී

Share Button

උතුරු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සංවිධාන කළ කෘෂිකාර්මික ප්‍රදර්ශනය කිලිනොච්චියේ වට්ටකච්චි ගොවිපොලේදී අද ආරම්භ විය. අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා ප්‍රධාන ආරාධිතයා ලෙස එම අවස්ථාවට එක්විය. උතුරු පළාත් කෘෂිකර්ම අධ්‍යක්‍ෂ එස් ශිවකුමාර් මහතා එහිදී සදහන් කලේ කෘෂි කර්මාන්තයේ උන්නතිය උදෙසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා බවයි. ප්‍රදර්ශනය හෙටින් අවසන්වේ.
මඩකලපුව දිස්ත්‍රික්කයේ කෘෂි කර්මාන්තයේ නියැලෙන ගොවීන් සදහා ජල පොම්ප නොමිලේ ලබාදීමට පියවර ගැනේ. මේ යටතේ වාකරේ ප්‍රදේශයේ ගොවීන් 177 දෙනෙකුට ජල පොම්ප ලබාදීම මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කලාමතී පද්මරාජා මහත්මියගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුවිය. ඒවායේ වටිනාකම රුපියල් මිලියන 5 ඉක්මවයි.කොරියානු රජයේ සහාය ඇතිව වල්ඩ්විෂන් සංවිධානය ස්වභාවික ගොවිතැන් ව්‍යාපෘතිය යටතේ මෙය ක්‍රියාවට නංවයි.
මඩකලපුව දිස්ත්‍රික්කයේ හින්දු කෝවිල් ප්‍රතිසංස්කරණය කෙරේ.කෝවිල් 46 ක් ප්‍රතිසංස්කරණයට රුපියල් ලක්‍ෂ 45 කට අධික මුදලක් ලබාදීම මඩකලපුව නාවට්කුඩා හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේදී ඊයේ සිදුකෙරිණ.රාජ්‍ය අමාත්‍ය සතාශිවම් වියාලේන්ද්‍රන් මහතා ඊට අදාළ චෙක්පත ප්‍රදානය කළේය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *