මහ නගර සභා , නගර සභා සහ ප්‍රාදේශිය සභා පනත්වල යෝජිත සංශෝධන කඩිනම් කිරිමට අග්‍රාමාත්‍යවරයාගෙන් උපදෙස්.

Share Button

මහ නගර සභා, නගර සභා ,ආඥා පනත් සහ ප්‍රාදේශිය සභා පනතේ යෝජිත සංශෝධන කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාල බලධාරින්ට දැනුම් දෙයි. අද පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවති රැස්විමකදි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ ඊට අදාල කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන බවයි.

පළාත් පාලන ආයතනවල පවතින සේවක හිගයට විසදුමක් ලෙස රැකියා ලක්ෂයේ වැඩසටහන යටතේ බඳවා ගැනිම් විධිමත් කර ඇතැයිද අග්‍රාමාත්‍යරයා සදහන් කළේය. පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය නාගරික සංවර්ධන අධිකාරිය,වැටුප් කොමිෂන් සභාව, කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව සහ තක්සේරු දෙපාර්තමේන්තුවේ දැනට පවතින ගැටලු පිළිබඳව මෙම හමුවේදී අවධානය යොමු කෙරිණ.

කසළ කළමනාකරණය සහ විගණනයට අවශ්‍ය පිළියම් පිළිබඳව පළාත් පාලන ආයතන නියෝජිතයෝ අග්‍රාමාත්‍යවරයාට කරුණු ඉදිරිපත් කළහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *