මහනුවර ඇසල පෙරහරේ රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීම අදින් ඇරඹේ

Share Button

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ පස්වන කුඹල් පෙරහර ඊයේ වීදි සංචාරය කළේය. පෙරහරේ රන්දෝලි පෙරහර වීදි සංචාරය කිරීම අදින් ඇරඹේ. අවසන් රන්දෝලි පෙරහර වීදි සංචාරය කරන්නේ නිකිනි පුරපසලොස්වක පොහොය යෙදි ඇති ලබන සෙනසුරාදායි.
ඇසළ පෙරහර මංගල්‍යයේ රන්දෝලි පෙරහරේ සධාතුක කරඩුව වැඩම කරන නැදුන්ගමුවේ රාජා ඇතා මහනුවරට ඊයේ ළගා විය.

දින 7 ක් තිස්සේ කිලෝමිටර් 90 ක් දුර ගෙවා පාගමනින් පැමිණි එම ඇතා මහනුවරට ළගාවිමෙන් පසුව ප්‍රථමයෙන් ශ්‍රීී දළදා මාලිගය අභියස දී දන්ත ධාතුන් වහන්සේ වෙත සිය ගෞරවාදරය පුද කළේය. මහනුවර ඇසළ පෙරහර මංගල්‍යය සදහා සහභාගි වන ජනතාවගේ පහසුව උදෙසා අද සිට ලබන සෙනසුරාදා දක්වා කොළඹ කොටුවේ සිට මහනුවර දක්වාත් . මහනුවර සිට කොළඹ කොටුව දක්වාත් අමතර දුම්රිය ධාවනයට එක් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

එම දිනවල පෙරවරු 9.50 ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන දුම්රියක් දහවල් 1.15 ට මහනුවර ළගා වෙයි. මහනුවරින් රාත්‍රි 11.45 ට ගමන් ආරම්භ කරන දුම්රිය පසුදා අලුයම 5.00 ට කොළඹ කොටුවට ළගා වෙයි. ඊට අමතරව එම දිනවල මහනුවර හා නාවලපිටිය අතරද අමතර දුම්රිය ධාවනයට එක් කර තිබේ. අවසන් රන්දෝලි පෙරහර නැරඹීමට යන ජනතාවගේ පහසුව උදෙසා ලබන ඉරිදා ද කොළඹ කොටුව හා මහනුවර අතර අමතර දුම්රිය ධාවනයට එක් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *