ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රි ලංකා සංචාරය තහවුරු කෙරේ.

Share Button

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රි ලංකා සංචාරය තහවුරු කෙරේ. එක්දින තරග 3 කට හා පන්දුවාර විස්සයි විස්ස තරග 5 කට සහභාගිවීම සඳහා එම කණ්ඩායම ජුලි මාසයේ දිවයිනට පැමිණේ. එහෙත් නායක විරාත් කෝලි හා උපනායක රෝහිත් ෂර්මා එම සංචාරයට එක්නොවෙයි. ඉන්දිය කණ්ඩායම එංගලන්තයට යාමේදී දැඩි නිරෝධායන නීති පිළිපැදිමට එකගවී සිටීම ඔවුන් සහභාගි නොවීමට හේතුව බව ඉන්දීය ක්‍රිකට් සභාපති සෞරව් ගංගුලි මහතා පවසයි.

ඉන්දිය කණ්ඩායමේ එංගලන්ත සංචාරය ලබන මාසයේ ඇරඹෙයි. එහිදී ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ලෝක ටෙස්ට් ශූරතා තරගාවලියේ අවසන් මහ තරගයට එම කණ්ඩායම නවසීලන්තය සමග මුහුණ දෙන අතර ඉන් පසුව එංගලන්තය සමග තරග පහකින් සමන්විත ටෙස්ට් තරගාවලිය ඇරඹෙයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *