දීමනා ගෙවීම සඳහා තැපෑල හෙට විවෘතයි

Share Button

සංචරණ සීමා පැනවීම හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින්ට රුපියල් 5000 සේ දීමනාව ලබා දීම අද(02) ආරම්භ විය. එහිදී බලපෑමට ලක්වූ ව්‍යාපාර සඳහාද සහන හිමිවන බව රජය කියයි.

මේ වන විට සුළු ව්‍යාපාර රැසකට මින් බලපෑම් එල්ල වී ඇත. ප්‍රාදේශීය මට්ටමේ නායකයින්ට සහන ලබාදිය හැකි පාර්ශව සම්බන්ධයෙන් තීන්දු ලබාදීමට බලය හිමිවන බවද රජය පවසයි.

සමෘද්ධිලාභින් පන්ලක්ෂ අසූහය දහසක් වෙනුවෙන් සමෘද්ධි මුදල් ලබා දීම අද සිදුවූ බව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි මහතා පවසයි. මුදල් ලබා ගැනීමට පැමිණිය නොහැකි සමෘද්ධිලාභීන්ගේ බැංකු ගිණුම්වලටද මුදල් තැන්පත් කිරීම සිදු කෙරිණ.

මේ අතර වැඩිහිටි දීමනාව ඇතුළු සීමිත දීමනාවන් කිහිපයක් ලබා දීම සදහා සියළු තැපැල් කාර්යාල හෙට දිනයේදී විවෘත කරන බව තැපැල්පතිවරයා පවසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *