ගාල්ලේ සිට මාරවිල දක්වා වෙරල තීරයෙන් කැස්බෑවන් 23 දෙනෙකු සහ තවත් මත්ස්‍ය විශේෂ රැසක සිරුරු හමු වෙයි

Share Button

ගිනි ගත් නෞකාව හේතුවෙන් සිදුවු සමුද්‍ර හා පරිසර දුෂණය සම්බන්ධයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව වාර්තාවක් ලබා ගෙන තිබේ. එහිදී ඉකුත් 29 වැනිදා සිට ඊයේ දක්වා සත්ව විශේෂයන්ට සිදුවී ඇති හානිය සොයා බලා ඇත. කැස්බෑවන් 23 දෙනෙකුගේ සහ ඩොල්ෆින් මසුන් සිව් දෙනෙකුගේ සිරුරු එම කාලය තුල හමුවී තිබේ.

වැල්ලවත්ත දෙහිවල මොරටුව එගොඩඋයන පානදුර කොස්ගොඩ වාද්දුව ඉඳුරුව ගාල්ල උණවටුන කුඩාවැල්ල මාරවිල සහ තොඩුවාව වෙරල තීරයන්ට මෙම සතුන් ගොඩගසා තිබුනි. අසාධ්‍ය තත්ත්වයේ පසුවන කැස්බෑවුන් දෙදෙනෙකු පශු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටී. මෙම මියගිය සතුන් සම්බන්ධයන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා අවසන්ය. ඒවා අධිකරණයට ද ඉදිරිපත් කර තිබෙ.

මෙම මුහුදු ජීවින්ට අමතරව පරා මසුන් ගල්මාළු මුහුදු ආඳන් සහ වෙරලාසන්නයේ පක්ෂි වර්ග රාශියක් ද මියගොස් ඇත. අදාල නෞකා සමාගමට එරෙහිව ගනු ලබන නීතිමය ක්‍රියාමාර්ගවලදී මේ පිලිබදව ද විශේෂයෙන් අවධානය යොමු කෙරේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *