වැලිපැන්න ප්‍රදේශයේ කෘෂි නිෂ්පාදන ප්‍රතිඅපනයන කාර්මික ජනපදයක්

Share Button

වැලිපැන්න අධිවේගී මාර්ග පිවිසුම ආසන්නයේ කෘෂි නිෂ්පාදන ප්‍රතිඅපනයන කාර්මික ජනපදයක් පිහිටුවීමට රජය සැලසුම් කරයි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ වෙලෙද අමාත්‍යංශය ඒකාබද්ධව ක්‍රියාත්මක කිරීමට නියමිත එම ව්‍යාපෘතිය ඉදිරියේ දී දෙස් විදෙස් ආයෝජකයන් සදහා ද විවෘත වනු ඇත. ඕස්ට්‍රේලියාව එහි ආරම්භක ආයෝජනය සදහා දැනටමත් සාකච්ඡා කර තිබෙ. පරිප්පු බාර්ලි වැනි ධාන්‍ය වර්ග ඕස්ට්‍රේලියාවේ සිට ආනයනය කොට අගය එකතු කරමින් ආසියානු අප්‍රිකානු සහ මැදපෙරදිග රටවල් කරා මෙම ජනපදය ඔස්සේ ප්‍රතිඅපනයනය කිරීමට සැලසුම් කර තිබේ.

බන්දුල ගුණවර්ධන සහ නාමල් රාජපක්ෂ යන අමාත්‍යවරු පසුගියදා මෙම ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වුහ. ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් ඩේවිඩ් හෝලි මහතා සහ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අතර ඊට අදාල පළමු සාකච්ඡාව එම නිරීක්ෂණ චාරිකාවට සමගාමිව පැවැත්විණ. ශ්‍රීී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පවතින තානාපති සබඳතා මෙවැනි ව්‍යාපෘති ඔස්සේ වඩාත් ශක්තිමත් වන බව නාමල් රාජපක්ෂ මහතා එහිදී සඳහන් කළේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.