අගමැතිවරයා හා ජපාන විදේශ කටයුතු රාජ්‍ය ඇමතිවරයා අතර හමුවක්

Share Button

මහනුවර මහනගර සැලැස්ම නිර්මාණය කිරීම හා අධිවේගීි මාර්ගයේ තුන්වන අදියර ඉදිකිරීම සදහා ශ්‍රී ලංකාවට ලබාදෙන සහාය සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජපන් රජයට සිය කෘතඥතාව පල කරයි. දැන් දිවයිනේ සංචාරයක නිරත ජපන් විදේශ කටයුතු රාජ්‍ය ඇමති කසුයුකී නකනෙ මහතා අරලියගහ මන්දිරයේදී අද හමුවු අවස්ථාවේ ඔහු ඒ බව සදහන් කළේය. දෙරට අතර සබඳතා තවතවත් ශක්තිමත් කර ගැනීම ජපානයේ අපේක්ෂාව බව ජපන් විදේශ කටයුතු රාජ්‍ය ඇමතිවරයා සදහන් කළේය. ශ්‍රී ලංකා නාවික හමුදාවට ආරක්‍ෂක මුර යාත්‍රා දෙකක් ලබාදීම සම්බන්ධයෙන්ද අගමැතිවරයා ජපන් රජයට ස්තුතිය පල කළේය. ඉන්දීය සාගරයේ නිදහස් නාවික ගමනාගමනය තහවුරු කිරීම සදහා ශ්‍රී ලංකාව ගන්නා උත්සාහය පිළීබඳවද වික්‍රමසිංහ මහතා ජපන් රාජ්‍ය ඇමතිවරයා දැනුවත් කළේය. නිදහස් නාවික ගමනාගමනයේ වැදගත්කම අවධාරණය කළ ජපන් විදේශ කටයුතු රාජ්‍ය ඇමතිවරයා ඒ සදහා ජපානයේ පුර්ණ සහාය පලකර සිටියේය. ශ්‍රී ලංකාව සහ ජපානය අතර ද්විපාර්ශවික කරුණු රැසක් පිළීබඳව එම සාකච්ඡාවේදී අදහස් හුවමාරු කර ගැණීනි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *