මෙහෙකාර සේවයේ යෙදවිය හැකි අවම වයස් සිමාව වයස අවුරුදු 18 දක්වා ඉහළ නැංවීමට රජයේ අවධානය

Share Button

මෙහෙකාර සේවයේ යෙදවිය හැකි අවම වයස් සීමාව වයස අවුරුදු 18 දක්වා ඉහළ නැංවීම කෙරෙහි අවධානය යොමුව ඇති බව කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති මහතා ප්‍රකාශ කරයි. වයස අවුරුදු 16 ට වැඩි ළමයින්ට පමණක් රැකියා සදහා යොමුවීමේ අවස්ථාව හිමිව තිබේ. නමුත් එම වයස් සීමාවේ පසුවන ළමයින් අන්තරාදායක රැකියා සදහා යොදා ගත නොහැක.

කෙසේ වෙතත් මෙහෙකාර සේවය අන්තරාදායක රැකියාවක් ලෙස වර්ගීකර නොමැති බැවින් වයස අවුරුදු 16 ඉක්මවු අයෙකු මෙහෙකාර සේවයේ යෙදවිීමේ හැකියාව මේ වනවිටත් පවතී.

රැකියා 52 ක් අන්තරාදායක රැකියා ලෙස නම් කර ඇත. නව සංශෝධනයට අනුව රැකියාවේ ස්වභාවය සොයා බලා එම රැකියා සංඛ්‍යාව 76 දක්වා ඉහළ දැමීමට ද නියමිතය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *