වන සතුන්ගෙන් සිදුවන වගා හානි ගැන කෘෂිකර්ම අමාත්‍යාංශයට කියන්න.

Share Button

වන සතුන්ගෙන් සිදුවන වගා හානිය පිළිබඳව තොරතුරු ඍජුවම තම ආයතනය වෙත ලබා දෙන මෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය ගොවීන්ගෙන් ඉල්ලා සිටියි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස්  පරිදි මෙය ක්‍රියාත්මකවන අතර ගොවීන්ට සිදුවු වගා හානි පිළිබඳව ලිඛිතව හෝ 0112 872 094 යන අංකයට දුරකථන හෝ ෆැක්ස් පණිවිඩයක් මඟින් දැනුම් දිය හැකිය.

කෘෂිකර්ම අමාත්‍යාංශය මඟින් සිදු කරන ලද පර්යේෂණ මඟින් හෙළිවී ඇති පරිදි මෙරට වගා කරන බෝග වලින් වාර්ෂිකව 30%- 35% ත් අතර ප්‍රමාණයක් වන සතුන් විසින් විනාශ කරනු ලබයි.

පසු අස්වනු තාක්ෂණය පිළිබඳව චීන විශේෂඥයන් පිරිසක් සිදුකළ විමර්ෂණයක දී වන සතුන් නිසා වසරකට රුපියල්  කෝටි 1,800 ක පමණ වගා හානි සිදුවන බවට ගණන් බලා තිබේ.

වාර්ෂිකව වන අලි ප්‍රහාර හේතුවෙන් ශක්තිමත්ව වැඩ කරන ගොවීන් 80කට අධික ප්‍රමාණයක් මියයයි.

එමෙන්ම රිලවුන්, වඳුරන්, හා දඬුලේනුන් විසින් දිනකට පොල් ඇට්ටි හා කුරුම්බා ගෙඩි ලක්ෂ 05-08 ක් අතර ප්‍රමාණයක් විනාශ කරන බව ද හෙළිවී තිබේ.

මේ කරුණු සැලකිල්ලට ගත් කෘෂිකර්ම අමාත්‍යාංශය වන සතුන්ගෙන් සිදුවන වගා හානිය අවම කර ගැනීම සඳහා පාර්ශව ගණනාවක් සමඟ සාකච්ඡා කළ නමුත් තිරසාර විසඳුමක් ලබා ගැනීමට අපොහොසත්ව තිබේ.

ඒ අනුව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍යාංශයේ ලේකම් බී.විජේරත්න මහතාට සතුන්ගෙන් සිදුවන වගා හානි පිළිබඳව ගොවීන්ගෙන් තොරතුරු ලබා ගැනීමේ වැඩපිළිවෙලක් අරඹන ලෙසට උපදෙස් දී තිබේ.

 

 

 

 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *